අවශ්‍ය ද්‍රව්‍ය
- කොස් ඇට අවශ්‍ය පමණට
- කැකුළු හාල් මේස හැඳි 1
- ගාගත් පොල් මේස හැඳි 1
- කොත්තමල්ලි ඇට මේස හැඳි 1
- සූදුරු මේස හැඳි 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1
- වියළි මිරිස් කරල් 2
- ගම්මිරිස් ඇට ස්වල්පයක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරාබු නැටි 2
- උම්බලකඩ මේස හැඳි 1
- ලූනු ගෙඩි 1
- සුදු ලූනු බික් 2
- රම්පා හා කරපිංචා
- උළුහාල් තේ හැඳි 1/2
- දෙහි යුෂ ස්වල්පයක්
- දිය කිරි කෝප්ප 2
- මිටි කිරි කෝප්ප 1/4
- රස අනුව ලුණු
- තෙල් ටිකක්
සාදාගන්නා ආකාරය
කොස් ඇට ටික පොතු සමගම වංගෙඩියට දමා පොතු ඉවත් නොවනසේ ටිකක් තලන්න. පෑන් එකක් ළිපේ තබා එයට සහල් ටික දමා බැදී ගෙන එනවිට පොල්, කොත්තමල්ලි ඇට, සූදුරු, වියළි මිරිස්, කරපිංචා, කුරුඳු පොතු, කරාබු නැටි, ගම්මිරිස් ඇට, මිරිස් කුඩු ටිකක් එකතු කරලා කබලේ බැදගන්න. දැන් මෙය ග්‍රයින්ඩර් එකට දාලා හොඳින් අඹරා පේස්ට් එකක් සාදාගන්න.
තෙල් රත්වූ පෑන් එකකට උළුහාල්, ලූනු, සුදු ලූනු අඹරාගත් පේස්ට් එක හා කොස් ඇට ටික එකතු කරලා විනාඩි පහක් පමණ කලවම් කරන්න. ඉන්පසු දියකිරි, ලුණු හා උම්බලකඩ එකතුකර ගින්දර වැඩි කර උතුරන විට ගින්දර අඩුම කර පියනකින් වසා කොස් ඇට හොඳින් තැම්බෙන්න හරින්න. කොස් ඇට හොඳින් තැම්බුණු පසු මිටිකිරි එකතු කර හින්දවාගන්න. අවසානයට දෙහි යුෂ ටිකක් එකතු කරගන්න.