අවශ්‍ය ද්‍රව්‍ය
- තීරුවට කඩාගත් හතු පැකට් 1
- බිත්තර 2
- මිරිස්කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- කහකුඩු තේ හැඳි 1/4
- තක්කාලි සෝස් තේ හැඳි 3
බැටර් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- කඩලපිටි කෝප්ප 1
- පාන්පිටි කෝප්ප 1/4
- මිරිස්කුඩු තේහැඳි 1
සාදාගන්නා ආකාරය
හතු ලුණු වතුරෙ ස්වල්ප වේලාවක් තබා සෝදා ගන්න. බෝල් එකකට බිත්තර, මිරිස්කුඩු, කහකුඩු, ලුණු, ගම්මිරිස් හා සෝස් දමා කලවම් කරගන්න.
තවත් බෝල් එකකට කඩල පිටි, පාන්පිටි සහ අනෙක් සියල්ලම දමා විස්ක් කරගන්න. හතු එකින් එක අරන් බිත්තර මිශ්‍රණයෙ දමා කඩල පිටි මිශ්‍රණයෙ දවටාගන්න. දැන් හතු එකින් එක රත්වුණු තෙලට දමා රන්වන්පාට වෙනකල් බැදගන්න.