අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පැස්ටා කෝප්ප 1
- පාන්පිටි කෝප්ප 1/4
- මිරිස්කුඩු තේ හැඳි 2
- කහකුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- මසාලා කුඩු තේ හැඳි 1
- බැදීමට තෙල්
සාදාගන්නා ආකාරය
මිරිස්කුඩු තේ හැඳි 1, කහකුඩු, ලුණු සහ ගරම් මසාලා කුඩු එකට කලවම් කරගන්න. තම්බාගත් පාස්ටාවලට පාන්පිටි හා මිරිස්කුඩු දමා හොඳින් කලවම් කරගන්න. දැන් රත්වුණු තෙලට පාස්ටා දමා රන්වන් පාට වෙනකල් බැදගන්න. බැදගත් පසු තෙල් බේරෙන්න හැර ඉහත සාදාගත් මිරිස්කුඩු හා මසාලා මිශ්‍රණය එකතුකර කලවම් කරගන්න.