අවශ්‍ය ද්‍රව්‍ය
- අඟල් 1/2 කැබලි කපාගත් බේකන් පෙති 4-5
- පොඩියට කපාගත් කිම්චි කෝප්ප 2
- කිම්චි යුෂ කෝප්ප 1/3
- පිසගත් බත් කෝප්ප 4
- කොරියන් චිලි පේස්ට් මේස හැඳි 3
- තල තෙල් මේස හැඳි 2
- ලියාගත් ලූනු ගස් 3-4
- බැදපු බිත්තර 4
සාදාගන්නා ආකාරය
ලොකු පෑන් එකකට බේකන් එකතු කර හොඳින් බැදගෙන එයට කිම්චි එකතු කර ස්වල්ප වේලාවක් බැදගන්න. දැන් බත්, කිම්චි යුෂ, චිලි පේස්ට් සහ තල තෙල් එකතුකර හොඳින් කලවම් කර ළිප ඕෆ් කර හොදින් මිශ්‍ර කරගන්න. පොඩි බෝල් 4 කට වෙන් කර උඩින් ලූනු කොල සහ බිත්තර තියා පිළිගන්වන්න.