අවශ්‍ය ද්‍රව්‍ය
- තෙල් මේස හැඳි 2
- අර්ථාපල් අල ග්‍රෑම් 500
- ලුණු රස අනුව
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් සුදුලූනු බික් 4
- චිකන් ස්ටොක් කෝප්ප 1
- සෝයා සෝස් කෝප්ප 1/4
- විනාකිරි මේස හැඳි 1
- පැණි මේස හැඳි 3
- කොරියන් චිලි පේස්ට් තේ හැඳි 2
- සිහින්ව කපාගත් කැරට් 1
- තල තෙල් තේ හැඳි 2
- සිහින්ව ලියාගත් ලූනු ගස් 1
සාදාගන්නා ආකාරය
ලොකු පෑන් එකකට තෙල් එකතු කර රත් වූ පසු අල සහ ලූනු එකතුකර බැද ගන්න.යන්තම් ක්‍රස්ට් එකක් එන විට ලූනු සහ සුදුලූනු එකතු කර සුවඳ එන තුරු බැද ගන්න.
චිකන් ස්ටොක්, සෝයා සෝස් විනාකිරි, පැණි සහ චිලි පේස්ට් එකතු කර හොඳින් කලවන් කරන්න.කැරට් එකතු කර දියර ටික උකු වෙන තුරු පිස ගන්න. ළිප off කර තල තෙල්, තල ඇට සහ ලූනු කොළ එකතු කර මිශ්‍ර කර ගන්න.