අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කේක් ග්‍රෑම් 300
- කැමති වර්ගයක ජෙලි මිලිලීටර් 250
- කස්ටඩ් මිලිලීටර් 250
සාදාගන්නා ආකාරය
කේක් කැබලි කඩාගෙන ලයිනින් කළ පැතලි බඳුනක අසුරා ගන්න. නිවාගත් කස්ටඩ් දියරය ඒ මත අතුරා ශීතකරණයේ පැයක් පමණ තබන්න. ඒ උඩට සිසිල් වූ ජෙලි දියරය වත් කර යළිත් පැයක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු තැටිය ශීතකරණයෙන් ඉවතට ගෙන ලයිනින් එක ඉවත් කොට කෑලි කපා පිළිගන්වන්න.