අවශ්‍ය ද්‍රව්‍ය
- මාරි බිස්කට් ග්‍රෑම් 200
- කුකින්ග් චොකලට් ග්‍රෑම් 200
- දියකරගත් බටර් ග්‍රෑම් 100
- ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීර් 100
- සීනි ග්‍රෑම් 50
- බිත්තර 2
සාදාගන්නා ආකාරය
බිස්කට්වලින් පොඩි කොටසක් වෙනම තබා ඉතිරිය බ්ලෙන්ඩ් කර බටර් දමා යළිත් බ්ලෙන්ඩ් කරගන්න. භාජනයක් ගෙන මේ මිශ්‍රණයෙන් පතුල වැසී යන තෙක් හැන්දකින් තද කර විනාඩි 10 ක් පමණ ශීතකරණයේ තබන්න. භාජනයක් ළිප තබා එයට කිරි එක් කර වටෙන් යන්තම් බුබුළු එන ගාණට රත් කරගන්න.
එය ළිපෙන් ඉවත් කර චොකලට් එක් කර හොඳින් දියකර සීනි ටික එකතු කර සීනි දියවෙනතුරු හොඳින් විස්ක් කරගන්න. බිත්තර දෙක වෙනම බඳුනක බීට් කරගෙන එයත් කිරි මිශ්‍රණයට එක් කරගන්න. මේ මිශ්‍රණය ශීතකරණයේ තැබූ බඳුනට දමා ඉතිරි වුණ බිස්කට් ලොකු කැබලිවලට කඩා උඩින් එකතු කරන්න. සෙල්සියස් 180 ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 30 ක් පමණ බේක් කරගන්න.