අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි කෝප්ප 2
- ඊස්ට් තේ හැඳි 1
- සීනි තේ හැඳි 1
- මද උණුසුම් වතුර ස්වල්පයක්
- උකු පොල්කිරි මිලිලීටර් 250
- බිත්තර 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සීනි, ඊස්ට් සහ උණු වතුර එකට කලවම් කර පිපෙන තෙක් කෝප්පයකට දමා වසා තබන්න. දැන් ඊස්ට් මිශ්‍රණයට හාල් පිටි දමා වතුර ස්වල්පයක් එකතුකර ඝනකම් මිශ්‍රණයක් සකසා ගන්න. මේ මිශ්‍රණය විනාඩි පහළවක් හොඳින් අනාගන්න. පසුව පොල්කිරි එක් කරමින් මිශ්‍රණය සකසා ගන්න. තාච්චිය ළිප තබා තෙල් ආලේප කර මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා පිලිස්සීගෙන එන විට බිත්තර එකතු කර ආප්පය සැකසෙන තෙක් වසා තබන්න.