අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 500
- කොච්චි කරල් 10-12
- සුදු ලූනු ලොකු බික් 3-4
- සෝයා සෝස් තේ හැන්දක්
- චිලි සෝස් මේස හැන්දක්
- දෙහි යුෂ ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
- තල තෙල් තේ හැඳි 1/4
- එළවළු තෙල් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
කුකුල් මස් ටික තීරු කපා ලුණු හා දෙහි ටිකක් අතගා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න. කොච්චිවලට සුදු ලූනු දමා හොඳින් වංගෙඩියෙ කොටාගන්න. එළවළු තෙල් එක්ක තල තෙල් රත්වෙන්න හැර එයට තලාගත්ත කොච්චි සහ සුදු ලූනු දමාගන්න. එය බැදීගෙන එනවිට උඩින් සෝයා සෝස්, චිලි සෝස් දාල කළවම් කරලා ඒ එක්කම බැදගත් චිකන් ටික දාල හොඳට කළවම් කරගෙන ලිප නිවන්න. අන්තිමට තව දෙහි යුෂ ටිකක් උඩින් ඉසගන්න.