අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කොත්තු රොටී 6-7
- බැදගත් කුකුල් මස්
- පිසගත් මස් කරියක්
- කපාගත් ලීක්ස් කෝප්ප 1/2
- කපාගත් කැරට් කෝප්ප 1/2
- කපාගත් ලූනු කොළ කෝප්ප 1/4
- කපාගත් මාළු මිරිස් කරල් 2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- චොප්කරගත් ඉඟුරු සුදු ලූනු ස්වල්පයක්
- සෝයාසෝස් මේස හැඳි 1
- ගසාගත් බිත්තර 2
- කපාගත් තක්කාලි ගෙඩි 1
- රස අනුව ලුණු ස්වල්පයක්
- සීනි තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ තාච්ච්චියකට ඉඟුරු සහ සුදු ලූනු ටික දමා තෙම්පරාදු කර ගසාගත් බිත්තර එකතු කර හොඳින් ස්ක්රම්බල් කරගන්න.
දැන් ලූනු සහ එළවළු සියල්ල දමා හොඳින් බැදෙන්න හැර ලුණු, ගම්මිරිස් සහ සීනි දමා කලවම් කරගන්න. දැන් මෙයට කපාගත් රොටි, කුකුල් මස් සහ හොදි එකතු කර කලවම් කරගන්න.