අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඳිආප්ප 20
- පිසගත් කුකුල් මස් හොදි
- බැදගත් කුකුල් මස්
- කපාගත් ලීක්ස් ස්වල්පයක්
- කපාගත් කැරට් අල 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- සිහින්ව කපාගත් ලියාගත් ලූනු ගෙඩි 1
- ලූනු කොළ ස්වල්පයක්
- චොප්කරගත් ඉඟුරු සුදු ලූනු ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
- බිත්තර 2
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට ඉඟුරු සහ සුදු ලූනු දමා කලවම් කර බැදෙන්න හරින්න. පසුව මෙයට කුකුල් මස් කුඩා කැබලිවලට කඩා එකතු කරගන්න. මද වේලාවකට පසුව එළවළු සියල්ලම දමා බැදෙන්න හරින්න.
දැන් ගසාගත් බිත්තර, ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න. ඉඳිආප්ප ටික අතින් පොඩි කැබලිවලට කඩා එකතු කරන්න. අවසානයට හොදි දමා කලවම් කර ළිපෙන් ඉවත් කරගන්න.