අවශ්‍ය ද්‍රව්‍ය
- දෙකට කපාගත් කටු රහිත චිකන් බ්‍රෙස්ට් 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- පාන්පිටි කෝප්ප 1/4
- ඔලිව්තෙල් මේස හැඳි4
- කපාගත් බට්න් මෂ්රූම් කෝප්ප 1
- Marsala wine හෝ ග්‍රේප් ජූස්
- කෝප්ප 1/2
- චිකන් ස්ටොක් වෝටර් කෝප්ප 1/2
- බටර් මේස හැඳි 1/2
- කපාගත් ලූනු ගෙඩි 1
- වියළි තයිම් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
චිකන් පොඩියට කපා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කර මැරිනේට් කරගන්න. පසුව පාන්පිටිවල තවරගන්න. පෑන් එකට ඔලිව්තෙල් මේස හැඳි 2 ක් දාලා චිකන් ටික රන්වන්පාට වෙනකල් හොඳින් බැදගන්න. බැදගත් චිකන් ටික ඉවත් කර ඒ පෑන් එකටම ඔලිව් තෙල් මේස හැන්දක් දාලා කපාගත් ලූනු හා මෂ්රූම් ටික එක්ක ලුණු රස අනුව දාගන්න.
මෂ්රූම් තැම්බෙනකම් විනාඩි 5 ක් විතර පිසගන්න. මේ ටික පෑන් එකෙන් අයින් කරගන්න. දැන් ඉතිරි ඔලිව් තෙල් මේස හැන්ද මේ පෑන් එකටම දාලා ලූනු සහ තයිම් එකතු කරල තෙම්පරාදු කරගන්න.
විනිවිද පේන ගාණට එනකොට මෂ්රූම් ටික එකතු කරන්න. මේකට Marsala wine හෝ ග්‍රේප් ජූස්, චිකන් ස්ටොක් වෝටර් එකතු කර සාමාන්‍ය ගින්දරේ ටිකක් හිඳෙනකම් හැඳිගාන්න. ලිපෙන් ඉවත් කරගෙන මේ සෝස් එක බැදගත් චිකන් උඩට දාලා මෑෂ්ඩ් පොටෑටෝ එක්ක පිළිගන්වන්න.