අවශ්‍ය ද්‍රව්‍ය
- බෝල්ලෝ මාළු ග්‍රෑම් 500
- සුදු ලුනු, ඉඟුරු ස්වල්පයක්
- රම්පා, කරපිංචා, අමු මිරිස්
- කුරුඳු පොතු කැබැල්ලක්
- ගොරකා පේස්ට් ස්වලපයක්
- කෑළි මිරිස් මේස හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 2
- බැදපු තුනපහ තේ හැඳි 1
- රස අනුව ලුණු
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- තක්කාලි ගෙඩි 2
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
ළිප තැබූ භාජනයකට ලුුණු, කහ සහ මාළු දමා විනාඩි 5 ක් පමණ තම්බා ළිපෙන් ඉවත් කරගන්න. පසුව නිවෙන්න හැර මාළුවල කටු ඉවත් කරගන්න. කපාගත් ලූනුවලට පහේ වර්ග ටික දමා අතින් අනාගන්න.
තෙල් රත්වූ භාජනයකට තලාගත් ඉඟුරු, සුදු ලුනු දමා මදක් බැද ගන්න. දැන් රම්පා, කරපිංචා, කුරුඳු පොතු සහ කලවම් කරගත් ලූනු ටික දමා කලවම් කරගන්න. දැන් කටු ඉවත් කරගත් මාළු ටික දමා කලවම් කර පියනකින් වසා මද ගින්නෙ මලවා ගන්න.