අවශ්‍ය ද්‍රව්‍ය
- බෝල්ලෝ මාළු ග්‍රෑම් 500
- කපාගත් ලුනු ගෙඩි 3
- රවුම් හැඩයට කපාගත් මාළු මිරිස්
- ඉඟුරු සුදු ලුනු පේස්ට් මේස හැඳි 1 1/2
- කපාගත් තක්කාලි ගෙඩි 2
- අවශ්‍ය පමණට කැළි මිරිස්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- කහ ස්වල්පයක්
- වතුර
- රස අනුව ලුණු
- තක්කාලි සෝස් මේස හැඳි 5
- සෝයා සෝස් මේස හැඳි 1
- සිනි ස්වල්පයක්
- කරපිංචා කොළ කිහිපයක්
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
මාළු ටික හොඳින් සෝදා භාජනයකට දමා ලුණු, ගම්මිරිස්, මිරිසු කුඩු සහ කහ දමා ළිප තබා තම්බා ගන්න. පසුව මෙම මාළු ටික ගැඹුරු තෙලෙ රන්වන් පාට වෙනකල් බැදගන්න.
ඉන්පසු භාජනයකට තෙල් ටිකක් ළිප තියා ගෙන එය රත් වු පසු ඉඟුරු, සුදු ලුනු පේස්ට් එක දාගන්න එය බැදුණු පසු කපාගත් ලුනු, මාළු මිරිස් ටික දමා කවලමි කරමින් ටික වෙලාවක් බැදෙන හරින්න.
ටික වේලාවකින් කැළි මිරිස් කුඩු සහ කරපිංචා දමා කවලමි කර ගෙන ටික වේලාවක් ගියාම කපාගත් තක්කාලි ටික දමා කවලමි ලුණු එකතුකර ඉන්පසු එයට මාළු සහ තක්කාලි සෝස් සෝයා සෝස් දමා සීනි ස්වල්පයද එක්කර හොඳට කවලම් කරගෙන ළිපෙන් ඉවත් කරගන්න.