අවශ්‍ය ද්‍රව්‍ය
- බැදගත් හාල්පිටි කෝප්ප 1/2
- උඳු ඇට මේස හැඳි 1
- කඩල පරිප්පු මේස හැඳි 1
- සූදුරු ඇට තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- කෑලිමිරිස් ස්වල්පයක්
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
උඳු ඇට හා පරිප්පු පැය 2 ක් පමණ පෙඟෙන්න හැර කබලේ බැදගෙන හොඳින් ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේ මිශ්‍රණයට හාල්පිටි ස්වල්පයක් එකතු කරගන්න. දැන් තෙල් හැර අනික් සියල්ල දමා වතුර ටික ටික එකතු කර ඩෝ එකක් හදාගන්න.
දැන් මේ ඩෝ එකට තෙල් ටිකක් ගාලා තව ටිකක් හොඳට අනාගන්න. ඊළඟට තෙල් ගාගත් තැටියක තුනී කර රවුම් කපා ගැඹුරු තෙලේ බැදගන්න