අවශ්‍ය ද්‍රව්‍ය
- ටූනා මාළු ටින් 1
- ලූනු ගෙඩි 2
- තක්කාලි ගෙඩි 2
- පිපිඤ්ඤා ගෙඩි 1
- සලාද කොළ ස්වල්පයක්
- මයෝනිස් සෝස් මේස හැඳි 3
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1/2
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
සලාද කොළ ලොකුවට කපා ලූනු තක්කාලි සහ පිපිඤ්ඤා කොටු හැඩයට කපාගන්න. කපාගත් එළවළුවලට කෑලි හිටින්න පොඩිකරගත් ටූනා මාළු එකතු කරගන්න. මයෝනීස්, දෙහි යුෂ ගම්මිරිස් සහ ලුණු එකතු කර හැන්දකින් කලවම් කරගන්න.