අවශ්‍ය ද්‍රව්‍ය
- කැකිරි ගෙඩි 1
- ලොකු ලූනු ගෙඩි 1
- තක්කාලි ගෙඩි 1
- අමු මිරිස් කරල් 4
- රස අනුව ලුණු
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කැකිරිවල තිත්ත ගතිය යන්න ඉස්සෙල්ලාම උඩින් පෙත්තක් කපලා අයින් කරන්න. පොතු සහ ඇට ඉවත් කර සිහින්ව කෑලි කපාගන්න. එයටම කපාගත් ලූනු, තක්කාලි, අමු මිරිස්, ලුණු සහ දෙහි එකතු කර පිළිගන්වන්න.