අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි ග්‍රෑම් 400
- ඉඟුරු ග්‍රෑම් 100
- වතුර කෝප්ප භාගයක් සහ තවත් මේස හැඳි 4
සාදාගන්න ක්‍රමය
මුලින්ම ට්‍රේ එකකට තෙල් හෝ බටර් තවරා ගන්න. දැන් ඉඟුරු සුද්ද කර කුඩාවට කපාගන්න. කපාගත් ඉඟුරුවලට සීනි ග්‍රෑම් 100 ක් දමා වතුර මේස හැඳි 3 ක් පමණ දමා ක්‍රීම් එකක් වන තෙක් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මෙය නන්ස්ටික් භාජනයකට දමා එයටම ඉතිරි සීනි දමා වතුර ද එක් කරන්න.
දැන් මද ගින්නේ හොඳින් නටවා ගන්න. සීනි දියවී හොඳින් උකු වනවිට ළිප නිවා මද වෙලාවක් හැදිගා පසුව සූදානම් කරගත් ට්‍රේ එකට දමා ගන්න. ස්පැචුලර් එකක් ආධාරයෙන් මතුපිට හා වටේ සකසා ගන්න. පසුව නිවෙන්න හැර පෙර ඉරි ඇද ගෙන පරිස්සමෙන් කෑලී කපාගන්න.