අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි පොල් ගෙඩියක පොල්
- රුලං ග්‍රෑම් 300
- සීනි ග්‍රෑම් 200
- හොඳින් තලාගත් ඉඟුරු කැබැල්ලක්
- වැනිලා තේ හැඳි 1
- රතු කලරින් බින්දු දෙකක්
- රස අනුව ලුණු
- වතුර කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
මුලින්ම සුවඳ එනතෙක් රුලං ටික කබලේ බැද ගන්න. භාජනයක් ළිප තබා වතුර කෝප්ප එකතු කර සීනි දමා උණු කරගන්න. පසුව ලුණු, ඉඟුරු, වැනිලා සහ රතු කලරින් එකතු කරන්න. පොල් ටිකත් එකතු කර හොඳින් කලවම් කරගන්න.
පසුව රුලං ටික එකතුකර හොඳින් මිශ්‍ර කරගෙන තෙල් ගාගත් තැටියක් උඩට දමා පැතලි කර වටේ කොටුවට හදාගෙන. ගොඩාක් හයි වෙන්න කලින් කෑලි කපාගන්න.