අවශ්‍ය ද්‍රව්‍ය
- කිරිපිටි කෝප්ප 2
- පාන්පිටි තේ හැඳි 4
- රුලං තේ හැඳි 4
- බිත්තර 1
- ගිතෙල්
- බේකින් පවුඩර් තේ හැඳි 4
සීනි සිරප් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කෝප්ප 2
- කුරුඳුපොතු කැබැල්ලක්
- වතුර කෝප්ප 2
- එනසාල් ඇට 1
- සැෆ්රන් රේණු කීපයක්
සාදාගන්නා ආකාරය
බිත්තරය හොඳට බීට් කරගන්න. පාන්පිටි, රුලං සම කිරිපිටි කලවම් කර බීට් කරගත් බිත්තරයට දමාගන්න. ඩෝ එක අනාගන්න අවශ්‍ය නම් කිරි ස්වල්පයක් එකතු කරගන්න. සාදාගත් ඩෝ එකෙන් කුඩා බෝල හදාගන්න.
ගී ඔයිල් ළිප තියා අඩු ගින්දරේ මේ බෝල ටික බැදගන්න.භාජනයකට සීනි සිරප් එකට ඕන ඔක්කොම දාලා නූල් ඇදෙන පදමට උණුකරගෙන ගුලාබ් ජමුන් ටික දාලා හොඳට සිරප් එක උරාගන්න තියන්න.