අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 5
- බටර් ස්වල්පයක්
- බිත්තර 5
- ලුණු තේ හැඳි 1/8
- සීනි ග්‍රෑම් 150
- වැනිලා තේ හැඳි 1
- උණු කරගත් කිරි මිලිලීටර් 600
- වියළි පළතුරු සහ නට්ස්
සාදාගන්නා ආකාරය
පාන් පෙතිවල බටර් හොඳින් තවරා ගන්න. බේක් කරන පෑන් එකේ හොඳින් බටර් තවරා පාන් පෙති අතුරා ගන්න. බෝල් එකකට බිත්තර එකතු කර ගසාගෙන එයට ලුණු, සීනි සහ වැනිලා එකතු කර ගසා ගන්න.
උණු කර නිවාගත් කිරි ටික ටික එකතු කරමින් හොඳින් ගසා ගන්න. එම කස්ටඩ් මිශ්‍රණය පාන් පෙති උඩින් එකතු කර ගන්න. වියළි පළතුරු සහ නට්ස් එකතු කර සරසා ගන්න. සෙල්සියස් අංශක 180 ට ප්රීහීටි කරගත් අවන් එකක වෝටර් බාත් ක්‍රමයට විනාඩි 45 – පැය 1 ක් පමණ බේක් කර ගන්න.