අවශ්‍ය ද්‍රව්‍ය
- බාගෙට ඉදුණු අලිගැටපේර ගෙඩි 2
- කපාගත් අල ගෙඩි1
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- චොප්කරගත් ඉඟුරු සුදු ලූනු මේස හැඳි 1
- කරපිංචා හා රම්පේ
- කහකුඩු තේ හැඳි 1/2
- අමු තුනපහකුඩු තේ හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- චොප්කරගත් තක්කාලි ගෙඩි 1
- අබ ස්වල්පයක්
- සූදුරු ස්වල්පයක්
- උළුහාල් ස්වල්පයක්
- අමුමිරිස් කරල් 2
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අලිගැටපේර ටික පොතු අයින් කරලා කොටුවට කපාගන්න. අල ගෙඩියත් කපාගන්න. මේ දෙක කලවම් කර මිරිස්කුඩු, තුනපහකුඩු, ඉඟුරු සුදු ලූනු පේස්ට් එක, කහකුඩු දාලා අනලා පැත්තකින් තියන්න. භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ, සූදුරු හා උළුහාල් ටික දාගන්න. ටිකකින් චොප්කරගත් ලූනු ටික, රම්පේ, කරපිංචා හා අමුමිරිස් ටික දාගන්න. කපාගත් තක්කාලි ගෙඩිය එකතු කරන්න. ඊළඟට අලිගැටපේර සහ අල ටික දාගන්න. විනාඩි 5ක් වගේ වහලා පිසගන්න. රස අනුව ලුණු එකතු කරන්න.