අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 200
- හතු ග්‍රෑම් 50
- දෙහි කොල 2
- කලංගා ග්‍රෑම් 20
- සේර ග්‍රෑම් 20
- පොල් කිරි ලීටර් 1
- දෙහි ගෙඩි 3
- සීනි තේ හැඳි 3
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- මිරිස් කුඩු ග්‍රෑම් 10
සාදාගන්නා ආකාරය
කුකුල් මස් පොඩියට කපාගන්න. එයට සේර, කලංගා, දෙහි කොළ, හතු සහ පොල් කිරි දමා හොඳින් තම්බාගන්න. තැම්බුනු පසුව එයට දෙහි යුෂ සහ ඉතිරි සියල්ල දමා මිශ්‍ර කර මද වේලවකට පසුව ළිපෙන් ඉවත් කරගන්න.