අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- සීනි කෝප්ප 1
- Ricotta cheese කෝප්ප 1
- ඔලිව්තෙල් කෝප්ප 1/2
- පාන්පිටි කෝප්ප 1 1/2
- බේකින් පවුඩර් තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- ග්‍රේට්කරගත් ලෙමන් පොතු ස්වල්පයක්
- ලෙමන් යුෂ මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
බිත්තර හා සීනි විනාඩි 20 ක් පමණ හොඳට බීට් කරගන්න. පසුව චීස් ටික පෙරා එකතු කර හොඳට බීට් කරගන්න. දැන් ඔලිව් තෙල් දමා නැවත වරක් බීට් කර පාන්පිටි ටික එකතු කරගන්න. මද වේලාවකට පසුව බේකින් පවුඩර්, ලුණු, ලෙමන් පොතු සහ ලෙමන් යුෂ එකතු කර හොඳට විස්ක් කරගන්න.පසුව බටර් ගාගත් ටේ්ර එකකට දාලා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 40 ක් පමණ බේක් කරගන්න.