අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- සීනි මේස හැඳි 2
- ලුණු ස්වල්පයක්
- බටර් තේ හැඳි 1
- බිත්තර කහමද 1
ෆිලින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- Ricotta cheese කෝප්ප 1
- වැනිලා ස්වල්පයක්
- අයිසින් ශුගර් කෝප්ප 1/4
- චොක්ලට් චිප්ස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බෝල් එකකට පාන්පිටි, සීනි හා ලුණු දමා කලවම් කරගන්න. දැන් මෙයට බටර් ස්වල්පයක් සහ බිත්තර කහමදයක් විස්ක් කර එකතු කරන්න. දැන් වතුර ස්වල්පයක් දමා දාලා අතේ නොඇලෙන සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
මිශ්‍රණය රැප් කරලා පැය 4 ක් ශීතකරණයේ එකේ තියන්න. පසුව ඩෝ එක එළියට ගෙන පොඩ්ඩක් නීඩ් කර කොටස් 4 කට කඩාගන්න. දැන් මේ එක කොටසක් අරන් හොඳට තුනී කර පොඩි රවුම්
කපාගන්න. ටිකක් මහත ස්ටික් එකක් වටේ මේ රවුම ඔතලා කොන් දෙක වතුර ටිකක් ගාලා සීල් කරගන්න. ස්ටික් එකක් නැත්තන් ෆොයිල් එකක් ඝනකමට ඔතලා අරන් ඒක වටේ ඔතාගන්න.
මේ ටික සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 20 ක් පමණ බේක් කරගන්න. පසුව හෙමින් ෆොයිල් එක හෝ මහත ස්ටික් එක ගලවගන්න. බෝල් එකකට පෙරාගත් චීස්, වැනිලා හා අයිසින් ශුගර් ටික දමා හොඳට බීට් කරගන්න. දැන් පයිපින් බෑග් එකකට මේ ෆ්රෝස්ටින් එක දාලා බේක් කරගත් කැනෝලිවලට පුරවගන්න. චොක්ලට් චිප්ස් ටිකක් උඩින් ඉසගන්න.