අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් කෝප්ප 1
- උඳු ඇට කෝප්ප 1/4
- උළුහාල් තේ හැඳි 3/4
- කඩල පරිප්පු කෝප්ප 1/4
- සුදු පාට හබල පෙති කෝප්ප 1/4
- රස අනුව ලුණු
- වතුර ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
හාල්, පරිප්පු, උළු හාල්, හබල පෙති එකට සෝදා ගන්න. උඳු ඇට වෙනම සෝදා ගන්න. බෝල් 2 කට දමා පැය 4 ක් පමණ පෙඟෙන්න හරින්න. උඳුවලට වතුර ස්වල්පයක් දමා උකු පේස්ට් එකක් එනතුරු ග්රයිඩ් කරගන්න. ඉතිරි දේවල් ටිකත් ඒ විදියටම වතුර ටික ටික එකතු කර ග්‍රයින්ඩ් කර ගන්න.
මිශ්‍රණ දෙකම ලොකු බෝල් එකකට දමා විනාඩි 5 ක් විතර අතින් හොදින් කලවම් කරගන්න.මිශ්‍රණය එය පියනකින් වසා රැයක් පිපෙන්න හරින්න. පසුව මිශ්‍රණයට වතුර ස්වල්පයක් සහ ලුණු එකතු කර කලවම් කර ගන්න. තෝසෙ තැටියක තෙල් තවරා රත්වූ පසු මිශ්‍රණයෙන් හැන්දක් තැටිය මැදට දමා හැන්දකින් මැද සිට තුනී කර ගන්න. තෙල් ටිකක් ඉස රන්වන් පාට වූවිට රෝල් කර ගන්න.