අවශ්‍ය ද්‍රව්‍ය
- කොහිල ග්රැම් අල 500
- අමු මිරිස් ග්රැම් 50
- රතු ලූනු ග්රැම් 150
- විනාකිරි කෝප්ප 1/2
- මිරිස් කුඩු මේස හැඳි 4
- බැදීමට තෙල් අවශ්‍ය පමණ
- රස අනුව ලුණු
- කහ තේ හැඳි 1
- එනසාල් කරල් 4
- කුරුදු පොතු කැබැල්ලක්
- රස අනුව සීනි
- කරපිංචා ටිකක්
සාදාගන්නා ආකාරය
කොහිල දික් අතට සිහින් තීරු කපාගන්න. ලුණු, කහ අතගා ගැඹුරු තෙලේ බැදගන්න.ක්‍රිස්පි ගතියට එද්දී ළිපෙන් බා ගෙන තෙල් බේරෙන්න හරින්න. කරපිංචා බැදගන්න. ලූනු හා අමු මිරිස් උණු ගස්සවා ගන්න. පැහැය වෙනස් වෙන්න පෙර අමු මිරිස් බාගන්න. දැන් විනාකිරි ලිප තබා රත් වෙද්දි එයට සීනි හා මිරිස් කුඩු දමා බැදගත් කොහිල, කරපිංචා, එනසාල්, කුරුඳු දමා හොඳින් කලවම් කර රස බලා ළිපෙන් බාගෙන නිවෙන්නට තබා බෝතලයකට දමා ගන්න.