අවශ්‍ය ද්‍රව්‍ය
- කරවිල ග්රැම් 500
- අමු මිරිස් කරල් 10
- රතු ලූනු ගෙඩි 15
- කුරුඳු පොත්තක්
- අබ ක්‍රීම් මේස හැඳි 1
- විනාකිරි මේස හැඳි 2
- තලා ගත් ඉගුරු, සුදුලූනු තේ හැඳි 1
- සීනි මේස හැඳි 1
- කෑලි මිරිස් මේස හැඳි 1 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු
- කහ කුඩු ස්වල්පයක්
- බැදගැනීමට තෙල්
- සෝයා සෝස් තේ හැඳි 1
- තක්කාලි සෝස් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
කරවිල පෙති කපා කහ, ලුණු අත ගා, රන්වන් පාට වන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න. ලූනු සහ මැදින් පලාගත් මිරිස් තෙලේ යන්තමින් බැද ගන්න. විනාකිරිවලට, ඉඟුරු, සුදු ලූනු, කෑලි මිරිස්, කුරුඳු පොත්ත දමා රත් කරන්න. ළිපෙන් බා ගම්මිරිස්, සීනි, අබ ක්‍රීම්, සෝයා සෝස්, තක්කාලි සෝස්, රස අනුව ලුණු දමා, කරවිල, ලූනු, මිරිස් කරල් කරපිංචා දමා මිශ්‍ර කර ගන්න.