අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපාගත් අඹ ගෙඩි 3
- විනාකිරි බෝතලයක් (පොඩි)
- සීනි ග්‍රෑම් 500
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 20
- මිරිස් කුඩු මේස හැඳි 2
- කරදමුංගු ග්‍රෑම් 2
- කරාබු නැටි 4-5
- කුරුඳු පොතු කැබැල්ලක්
- ලුණු තේ හැඳි 1
- වියළි මිදි ග්‍රෑම් 25
සාදාගන්නා ආකාරය
මුලින්ම විනාකිරි කෝප්ප භාගයක් එක්ක කුළුබඩු ටික බ්ලෙන්ඩ් කරගන්න. තව විනාකිරි කෝප්ප භාගයක් එක්ක සීනි ටික දාලා ළිපේ තියන්න. අඹ කෑලි ටික විනාකිරි, සීනි මිශ්‍රණයට දාගෙන හොඳට හැඳි ගාන්න. සාමාන්‍ය ගින්දරේ උකු ද්‍රාවණයක් වෙනකල් හැඳි ගාන්න. දැන් මේකට මුද්දරස්පලම් හා බ්ලෙන්ඩ් කරගත් කුළුබඩු ටික දාගෙන තෙත ගතිය හිfඳනකල් හැඳි ගාන්න. වැඩි කාලයක් තියාගන්න නම් ජීවාණුහරණය කරපු බෝතල් වලට උණුවෙන්ම දාගෙන සීල් කරගන්න.