අවශ්‍ය ද්‍රව්‍ය
- තලපත් කරවල ග්රැම් 100
- රතු ලූනු ග්රැම් 150
- අමුමිරිස් ග්රැම් 75
- රම්ප කරපිංචා
- තලාගත් ඉඟුරු සුදු ලූනු මේස හැඳි 1
- සූදූරු තේ හැඳි 1
- අබ තේ හැඳි 1/2
- විනාකිරි මේස හැඳි 3
- මිරිස්කුඩු මේස හැඳි 4
- කහාකුඩු තේ හැඳි 1/2
- කෑළිමිරිස් මේස හැඳි 2
- සීනි අවශ්‍ය පමණට
- රස අනුව ලුණු
- බැදගැනීමට පොල්තෙල්
සාදාගන්නා ආකාරය
කරවල කුඩා කැබැලිවලට කපාගන්න. රතු ලූනු, අමුමිරිස් හොඳින් සෝදා වතුර බේරෙන්නට හරින්න. අමුමිරිස් වෙන් නොවන ලෙස මැදින් කපාගන්න. කපාගත් කරවල ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න. අමුමිරිස්, රතු ලුනූ තෙලට දමා ඉක්මනින් ඉවත් කරගන්න ( පාට වෙනස් වෙන්නෙ නැතිවෙන්න) ඊළඟට මැටි භාජනයක් ළිප තබා රත්වන විට එයට පොල්තෙල් මේස හැඳි 2 එකතුකර තෙල් රත්වන විට එයට සූදුරු, අබ එකතුකර බැදෙන විට විනාකිරි, සිනි එකතුකර හිඳුන් කලවම් කරගන්න. ඉන්පසු රම්ප, කරපිංචා, බැදගත් කරවල, අමුමිරිස්, රතු ලුනු, එකතුකර හොඳින් කලවම් කර එයට කහ කුඩු, මිරිස්කුඩු, කෑළිමිරිස් රස අනුව ලුනු එකතුකර හොඳින් කලවම් කර විනාඩි තුනක් පමණ ළිප තබා ඉවත් කරගන්න.