අවශ්‍ය ද්‍රව්‍ය
- ඇඹරැල්ලා කිලෝ 1
- සීනි ග්‍රෑම් 600
- ඉඟුරු ග්‍රෑම් 20
- විනාකිරි කෝප්ප 1
- සුදු ලූනු බික් 5-6
- එනසාල් හා කරාබු නැටි කිහිපයක්
- මිරිස් කුඩු තේ හැඳි 5
- රස අනුව ලුණු
- කුරුඳු පොතු කැබැල්ලක්
සාදාගන්නා ආකාරය
ඉඟුරු, සුදු ලූනු, එනසාල්, කරාබු නැටි හා කුරුඳු පොතු ඔක්කොම දාලා විනාකිරි කෝප්ප 1/2 ක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. දැන් භාජනයක් ළිප තබා බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය එකතුකර ඉතිරි විනාකිරි ටිකත් දාලා සීනි එක්ක තියන්න. ලුණු ටිකකුත් දාගන්න. සීනි දියවෙලා උතුරනකොට කපාගත් ඇඹරැල්ලා ටික එකතු කරන්න. මද ගින්දරේ හොඳට හැඳි ගාගන්න. ඉස්ම හිඳී නොයන සේ යන්තම් තෙත ගතිය හිටින්න හැඳිගාගෙන ළිපෙන් බාගන්න.