අවශ්‍ය ද්‍රව්‍ය
- ඇඹරැල්ලා ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 350
- වතුර කප් 2-3
- දෙහි යුෂ මේසහැඳි 1
සාදාගන්නා ආකාරය
ඇඹරැල්ල පොතු ඇරලා ග්‍රේට් කර ගන්න. පෑන් එකකට දාල ඒකට වතුර දාලා විනාඩි 15-20 තම්බා ගන්න. හොඳින් තම්බාගත් ඇඹරැල්ලා පොඩි කරලා පෙරා කෙඳි ඉවත් කරගන්න. පෑන් එකකට සීනි මේස හැඳි 5 ක් පමණ දාලා කැරමල් කර ගන්න.
කැරමල් කරගත් සීනි එකට වතුර ටිකක් එකතු කරලා දියවෙනතුරු හැඳි ගාන්න. ඒකටම ඉතිරි සීනි ටික දාන්න. සීනි දියවෙනකොට පොඩි කරලා පෙරා ගත් ඇඹරැල්ලා දා ගන්න. මිශ්‍රණය උකු වෙනතෙක් හැඳි ගාන්න. විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.