අවශ්‍ය ද්‍රව්‍ය
- චෙරි ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 35
- දෙහි යුෂ මේසහැඳි 1
සාදාගන්නා ආකාරය
චෙරි ටික හොඳින් පොඩිකර ගන්න. පෑන් එකකට චෙරි, සීනි දාලා මිශ්‍ර කර ගන්න. මද ගින්දරේ දියාරු ගතිය නැති වනතුරු හැඳිගාගන්න. දෙහි යුෂ මිශ්‍ර කරගන්න. ජෑම් විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.