අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අන්නාසි ගෙඩි 1
- සීනි ග්‍රෑම් 500
- එනසාල් කුඩු තේ හැඳි 1
- ලුණු කුඩු තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
පළමුව අන්නාසි ගෙඩිය පොතු ඉවත්කර සිහින්ව කපාගන්න. දැන් එයට සීනි දමා හොඳින් කලවම් කර ළිපේ තබා උණුකර ගන්න. ළිපෙන් ඉවත් කර එනසාල් කුඩු ස්වල්පයක් ඉසින්න. හොඳින් කලවම් කර අවසානයේ විෂබීජහරණය කළ භාජනයකට දමා ශීතකරණයේ තියන්න.