අවශ්‍ය ද්‍රව්‍ය
- බ්ලෙන්ඩ් කරගත් ඉදුණු ඇපල් ග්‍රෑම් 500ට
- සීනි ග්‍රෑම් 350
- වතුර මිලි ලීටර් 350
- දෙහි යුෂ මේසහැඳි 1
- කුඩා කුරුඳු පොතු කැබිලි 1
සාදාගන්නා ආකාරය
ඇපල් පොතු ඇරලා හොඳින් පොඩි කර ගන්න. පෑන් එකකට සීනි, වතුර, ඇපල් මිශ්‍ර කරලා කැටි ගැහෙන්න පුළුවන් නිසා නොකඩවා මද ගින්දරේ මිනිත්තු 30 ක් විතර හැඳි ගාන්න. ඒකට දෙහි යුෂ කලවම් කරන්න. කුරුඳු එකතු කරන්න. මිශ්‍රණය උකු වෙනතෙක් තවත් විනාඩි 2-3 ක් හැඳි ගාන්න. ජීවානුහරණය කළ බෝතලයකට දමා ශීතකරණයේ තබන්න.