අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- ඉදුණු කෙසෙල් ගෙඩි 3
- කිරි කෝප්ප 1
- වැනිලා ටිකක්
- පැණි මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
පාන්පිටිවලට බේකින් පවුඩර් දාල හලාගන්න. කෙසෙල් ගෙඩි ටික පොඩි කර එය කිරි ටික දමා හොඳට විස්ක් කරගන්න. පසුව වැනිලා හා පැණි එකතු කරගන්න. හොඳට විස්ක් කර පාන්පිටි ටික ටික දමා කලවම් කරගන්න. වෆල්ස් අයන් එකට බටර් ස්ප්‍රේ කරලා බැටර් එක දාලා වොෆල්ස් හදාගන්න.