අවශ්‍ය ද්‍රව්‍ය
- බටර්මිල්ක් කෝප්ප 1
- පාන්පිටි කෝප්ප 1 1/2
- බේකින් සෝඩා තේ හැඳි 1/4
- බේකින් පවුඩර් තේ හැඳි 1
- සීනි කෝප්ප 1/4
- බිත්තර 2
- මෙල්ටඩ් බටර් කෝප්ප 1/4
ෆිලින් එකට
- ක්‍රීම්චීස් කෝප්ප 1
- සීනි කෝප්ප 1/4
- වැනිලා ටිකක්
ටොපින් එකට
- මේපල් සිරප්
- මික්ස්ඩ් බෙරීස්
සාදාගන්නා ආකාරය
බටර්මිල්ක් හා බිත්තර හොඳට බීට් කරගන්න. පාන්පිටිවලට සීනි, බේකින් පවුඩර්, බේකින්සෝඩා, ලුණු කලවම් කරලා මේ මිශ්‍රණයට එකතු කරන්න. මේකට මෙල්ටඩ් බටර් ටිකත් දාලා හොඳට බීට් කරගන්න. ක්‍රීම්චීස් වලට සීනි හා වැනිලා දාලා බීට් කරගන්න. දැන් වොෆල් අයන් එකට වොෆල් බැටර් එක දාලා, උඩින් ක්‍රීම්චීස් ටිකක් ස්ප්‍රෙඩ් කරලා ආයෙ වොෆල් බැටර් එකෙන් ටිකක් දාලා වහලා වොෆල්ස් හදාගන්න. උඩින් බෙරීස් හා මේපල් සිරප් දාලා කෑමට ගන්න.