අවශ්‍ය ද්‍රව්‍ය
- මෙල්ටඩ් බටර් කෝප්ප 1/2
- කොකෝවා පවුඩර් කෝප්ප 1/4
- උණුවතුර මේස හැඳි 1
- සීනි කෝප්ප 3/4
- බිත්තර 2
- පාන්පිටි කෝප්ප 1
- චොප් කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
බෝල් එකකට මෙල්ටඩ් බටර් හා කොකෝවා පවුඩර් දාල විස්ක් කරගන්න. ඊළඟට මේකට උණුවතුර, සීනි සහ බිත්තර දමා තවත් විනාඩි 5 ක් පමණ විස්ක් කරගන්න. ඊළඟට පාන්පිටි ටික ටික දාල බැටර් එක හදාගන්න. මේකට චොප් කරගත් චොක්ලට් එකතු කර කලවම් කර ඔයිල් බ්‍රෂ් කරගත් වොෆල් අයන් එකට දාලා වොෆල්ස් හදාගන්න.