අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 125
- සීනි ග්‍රෑම් 125
- බටර් ග්‍රෑම් 125
- බිත්තර 02 (Nos)
- වැනිලා තේ හැඳි 1 /2
- බේකින් පවුඩර්තේ හැඳි 1 /2
- නැවුම් එළකිරි තේ හැඳි 1 /8
- පිටි කිරි ග්‍රෑම් 10
සාදාගන්නා ආකාරය
බටර් සහ සීනි දමා සීනි හොඳින් දිය වනතුරු මික්ස් කරගන්න. පසුව එම මිශ්‍රණයට බිත්තරය බැගින් එක් කරගන්න. පසුව එයට හලාගත් පිටි සහ බේකින් පවුඩර් එකතු කරගන්න. අවසානය නැවුම් එළකිරි සහ වැනිලා එක් කරගන්න. එම මිශ්‍රණය අවශ්‍ය පරිදි බේකින් තැටියකට දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 20 ක බේක් කරගන්න.