අවශ්‍ය ද්‍රව්‍ය
- ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 300
- ලොකු බිත්තර 3
- ටින් කිරි ග්‍රෑම් 397
- බටර් ග්‍රෑම් 200
- පාන් පිටි ග්‍රෑම් 150
- කොකෝවා පවුඩර් මේස හැඳි 2
- පොඩියට කපාගත් කජු ග්‍රෑම් 50
- බේකින් පවුඩර් තේ හැඳි 1
- වැනිලා තේ හැඳි 1
සාදාගන්න ආකාරය
මුලින්ම බටර් සහ චොක්ලට් එකට දිය කර ගන්න. වෙනම බෝල් එකකට බිත්තර සහ සීනි දමා හොඳින් බීට් කරගන්න. ඉන්පසු මෙයට වැනිලා සහ ටින් කිරි එකතුකරගන්න. පිටි, කොකෝවා පවුඩර් සහ බේකින් පවුඩර් ටික හොඳට කලවම් කර එය බිත්තර මිශ්‍රණයටම ටිකෙන් ටික එකතුකරන්න.පිටි ටික හොඳට කලවම් කර පසුව කලින් සාදාගත් චොක්ලට් මිශ්‍රණය දමා කලවම් කරන්න. මිශ්‍රණය බේකින් තැටියකට දමා පොඩියට කපාගත් කජු ටිකද එකතුකර විනාඩි 30-35 පමණ සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ ප්‍රී හීට් කර ගත් අවන් එකක බේක් කර ගන්න.