අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ග්‍රෑම් 130
- රුලං ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 280
- කජු ග්‍රෑම් 150
- බිත්තර කහ මද 06
- බිත්තර සුදු මද 05
- මී පැණි මේස හැඳි 02
- ලෙමන් ගෙඩියක පොතු
- කරදමුංගු 03
- සාදික්කා 1/2
- කුරුදු පොතු
- රෝස වතුර මේස හැඳි 02
- වැනිලා තේ හැඳි 01
- පුහුල් දෝසි ග්‍රෑම් 150
සාදාගන්නා ආකාරය
කරදමුංගු, කරාබු නැටි, සාදික්කා ටිකක් බැදගෙන හොඳට කුඩු කර ගන්න. රුලං ටිකද මදක් බැද ගන්න. ඉන්පසු කජු ටිකත් මදක් බැදගෙන පොඩි කෑලි වෙනතෙක් බ්ලෙන්ඩ් කර ගන්න. රුලං සහ බටර් එකට එකතුකර හොඳින් කලවම් කර විනාඩි 20 ක් පමණ වසා තියන්න. ඉන්පසු බිත්තර සුදු මද ටික හොඳට බීට් කර ගන්න. බිත්තර කහ මද ටිකට සීනි ටික එකතුකර හොඳින් බීට් කර ක්‍රීම් කරගන්න. දැන් මෙයට වැනිලා, මී පැණි, කුඩු කරගත් කරදමුංගු, කරාබු නැටි සාදික්කා, ලෙමන් පොතු සහ රෝස වතුර ටික එකතු කරන්න.
පසුව කලින් බටර් සමග කලවම් කර ගත් රුලං ටික එකතුකරගන්න. දැන් කජු සහ පුහුල් දෝසි එකතුකරගන්න. අවසානයට බිත්තර සුදු මද එකතු කර කලවම් කරගන්න. දැන් මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දාමා සෙල්සියස් අංශක 160 ක උෂ්ණත්වය යටතේ ප්‍රී හීට් කරගත් අවන් එකක පැයක් පමණ බෙක් කර ගන්න.