අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි කෝප්ප 2
- සීනි කෝප්ප 2
- එළවළු තෙල් කෝප්ප 1 1/4
- බිත්තර 4
- වැනිලා තේ හැඳි 1
- බේකින් සෝඩා තේ හැඳි 2
- ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 3
- චොප් කරගත් කජු කෝප්ප 1
සාදාගන්නා ආකාරය
පිටි සහ බේකින් සෝඩා එකට මිශ්‍ර කර තුන්වරක් හලාගන්න. වෙනම බඳුනකට තෙල්, සීනි සහ වැනිලා එක් කර හොඳින් බීට් කරගෙන එයට බිත්තර එකින් එක එක් කරන ගමන් බීට් කරගන්න. ස්පචුලා එකකින් බිත්තර මිශ්‍රණයට පිටි මිශ්‍ර කරගන්න. එයට කැරට් සහ කජු එක් කර මිශ්‍ර කර සෙල්සියස් 175 ට ප්‍රී හීට් කරගත් බේකින් ට්‍රේ එකක විනාඩි 35-40 ක් බේක් කරගන්න.