අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 4
- සීනි ග්‍රෑම් 100ට
- පිටි ග්‍රෑම් 50
- කෝන්ෆ්ලා ග්‍රෑම් 20
- කොකෝවා පවුඩර් ග්‍රෑම් 20
සාදාගන්නා ආකාරය
පිටි, කෝන්ෆ්ලා හා කොකෝවා පවුඩර් එකට හලාගන්න. බිත්තර හා සීනි හොඳින් බීට් කර ගන්න. බිත්තර මිශ්‍රණයට පිටි මිශ්‍රණය එකතුකර බීට් නොකර හොඳින් කලවම් කරගන්න. තෙල් කඩදාසියක් දමා බටර් ආලේප කර සකස් කරගත් ස්විස් රෝල් තැටියකට දමා සෙල්සියස් අංශක 210 උෂ්ණත්වය යටතේ විනාඩි 10 ක් පුළුස්සා ගන්න. පුළුස්සා ගත් ස්විස් රෝල් එක මතට අවන් එකෙන් පිටතට ගත් විගසම සීනි ටිකක් ඉස ගන්න. තැටියෙන් ඉවත්කර නිවුණ පසු තෙල් කඩදාසිය ගලවා ඉවත් කරන්න.