අවශ්‍ය ද්‍රව්‍ය
කේක් බැටර් එක සඳහා
- පාන් පිටි ග්‍රෑම් 165
- බටර් ග්‍රෑම් 80
- සීනි ග්‍රෑම් 80
- බිත්තර 03
- කිරි කෝප්ප 1/4
- වැනිලා තේ හැඳි 01
- බේකින් පවුඩර් තේ හැඳි 02
- නැවුම් බ්ලූබෙරි ග්‍රෑම් 200
ක්‍රම්බල් ටොපින් සඳහා
- පාන් පිටි ග්‍රෑම් 85
- බටර් ග්‍රෑම් 55
- දුඹුරු සීනි ග්‍රෑම් 50
- කුරුඳු කුඩු තේ හැඳි ¼
- අයිසින් සීනි
සාදාගන්නා ආකාරය
ක්‍රම්බල් ටොපින් එක සදහා පිටි, සීනි, කුරුඳු කුඩු ටික එක්කර මිශ්‍ර කරන්න. දැන් මෙයට බටර් ටික එකතුකර මිශ්‍රණය පොඩි වැලි කැට ආකාරයට එනතුරු පිටි සමග හොඳින් කලවම් කර ගන්න. කේක් බැටර් එක සාදා ගන්න වෙනම බෝල් එකක බටර් හා සීනි ටික හොඳින් බීට් කරන්න. ඉන්පසු මෙයට බිත්තර එකින් එක එකතුකර බීට් කරගන්න. එයට කිරි එකතු කරගන්න. පිටි බේකින් පවුඩර් සමග මිශ්‍ර කරමේ ටිකෙන් ටික බටර් මිශ්‍රණයට එකතුකර කලවම් කරන්න. පසුව
බ්ලුබෙරිවලින් භාගයක් මේ බැටර් එකට එකතුකර මිශ්‍ර කර ගන්න. ඉන්පසු මේ බැටර් එක අගල් 8 රවුම් බේකින් ටේ්ර එකකට දමා එයට උඩින් ඉතුරු බ්ලුබෙරි ටිකද එකතුකර ගන්න. දැන් මෙයට උඩින් කලින් සාදාගත් ක්‍රම්බල් ටොපින් එක දමා විනාඩි 40 ක් විතර සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න. බේක් කරගත් පසු කේක් එක විනාඩි 15 ක් පමණ නිවෙන්න ඇර එයට උඩින් අයිසින් සීනි ටිකක් ඉස ගන්න.