අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 350
- සීනි ග්‍රෑම් 320
- බටර් ග්‍රෑම් 300
- බේකින් පවුඩර් තේ හැදි 3 1/2
- කුරුඳු කුඩු තේ හැඳි 3/4
- බිත්තර 5
- කපාගත් කජු කෝප්ප 1/2
- මිල්ක්මේඩ් පොඩි ටින් 1/2
සාදාගන්නා ආකාරය
බටර් හා සීනි ක්‍රීම් වන තුරු බීට් කරගන්න. මිල්ක්මේඩ්, බිත්තර , කුරුඳු කුඩු එක්කර නැවත හොදින් බීට් කරගන්න. බේකින් පවුඩර් මිශ්‍ර කර තුන්වරක් හලාගත් පිටි එක්කර හැන්දකින් කලවම් කර ගන්න. මිශ්‍රණය කේක් කප්වලට දමා ගන්න. සෙල්සියස් අංශක 180 උෂ්නත්වය යටතේ මිනිත්තු 18-20 බේක්කර නිවුනු පසු කුරුඳු කුඩු ස්වල්පය බැගින් උඩින් ඉසගන්න.