අවශ්‍ය ද්‍රව්‍ය
- කළුකුම් කිලෝ 2 1/2
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- හබ්ස් තේ හැඳි 1
- අබ ක්‍රීම් තේ හැඳි 3
- මිරිස් කුඩු තේ හැඳි 2
- අඹරාගත් ඉඟුරු තේ හැඳි 4
- සුදු ලූනූ තේ හැඳි 4
- සුදු ලූනු බික් කිහිපයක්
- සිහින්ව කපාගත් ලූනු කොළ ස්වල්පයක්
- අල ග්‍රෑම් 100
- බට්න් මෂ්රූම් ස්වල්පයක්
- කැරට් අල 2
- බටර් හෝ ඔලිව් තෙල්
සාදාගන්නා ආකාරය
මුලින්ම කළුකුමා මස් හොඳින් සෝදා වතුර ඉවත් කර ඉවත් කරගන්න. පසුව ලුණු, ගම්මිරිස්, හබ්ස්, අබ ක්‍රීම්, මිරිස් කුඩු, ඉඟුරු සහ සුදු ලූනු එකට කවලම් කර ගුලියක් සාදා කළුකුමා මත හොඳින් තවරා ගාන්න. දැන් එය සීසන් වීමට පැයක් පමණ තබන්න. සීසන් කර ගත් මස් ටික උඩින් බටර් හෝ ඔලිව් තෙල් දවටා සෙන්ටිග්‍රේඩ් අංශක 180 උෂ්ණත්වය යටතේ විනාඩි 90 ක් පමණ රෝස් කරගන්න. බේක් තැටියක් ගෙන බටර් ගා සකස් කර සුදු ලූනු, අල, බට්න් මෂ්රූම් සහ කැරට් දමා ඊට ගම්මිරිස්, ලුණු, බටර් හෝ ඔලිව් තෙල් ඉස සාමාන්‍ය ඌෂ්ණත්වයක බේක් කර ගන්න. භාජනයකට රෝස් කළුකුම් මස් සමඟ බේක් කර ගත් සුදු ලූනු, අල, බට්න් මෂ්රූම් සහ කැරට් වටේට අතුරා සිහින්වට කපාගත් ලූනු කොළවලින් සරසාගන්න.