අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත හැකි මට්න් කැබැල්ලක්
- කෑලිමිරිස් තේ හැඳි 2
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු
- ඔලිව්තෙල්
- චොප්කරගත් සුදු ලූනු
- දෙහි යුෂ ස්වල්පයක්
- කපාගත් ලූනු
සාදාගන්නා ආකාරය
කෑලිමිරිස්, කොත්තමල්ලි කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, ඔලිව්තෙල්, දෙහි යුෂ සහ සුදු ලූනු එකතු කර මිශ්‍ර කරගන්න. දැන් මට්න් කෑල්ල අරගෙන ගෑරප්පුවකින් තැනින් තැනට ඇනගෙන මේ මිශ්‍රණයේ දවටලා පැය 12 ක් පමණ ශ්‍රීතකරණයේ තබා සීසන් වෙන්න හරින්න. පැය 12 කට පස්සෙ පෑන් ෆ්‍රයි හෝ ග්‍රිල් කරගෙන පෙති කපා පිළිගන්වන්න.