අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කෝප්ප 1
- සිහින්ව කුඩු කරගත් සීනි කෝප්ප 1
- ලොකු බිත්තර 1
- වැනිලා රසකාරක තේ හැඳි 1
- කුරුඳු කුඩු තේ හැඳි 1
- සිහින්ව කුඩු කරගත් Red Hots කෝප්ප 1/2
- රස අනුව ලුණු
- රතු පාට කලරින් තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
ලොකු භාජනයක් ගෙන එයට බටර් සහ සීනි එකතුකර ක්‍රීම් වනතුරු බීට් කරගන්න. එයටම බිත්තර එකතුකර නැවත වරක් බීට් කරගන්න. දැන් එයටම වැනිලා සහ කුරුඳු කුඩු එකතුකර බීට් කරගන්න.
ඉන්පසු පිටි, ලුණු සහ සිහින්ව කුඩු කරගත් රෙඩ් හොට් ද එකතුකර සෙමින් බීට් කරගන්න. පිටි ගුලිය අතින් හොඳින් අනා ගන්න. පිටි මිශ්‍රණය සමානව භාජන දෙකකට වෙන්කර එක භාජනයකට රතු පාට කලරින් එකතුකර අතින් හොඳින් මිශ්‍ර කරන්න.
භාජන දෙකෙන්ම වෙන වෙනම අඟල් 4 1/2ක් පමණ දිග, අඟල් 1 පමණ පළල දිග කඹ සාදාගෙන වර්ණ දෙකෙන් කඹ එකිනෙකට අඹරා ගන්න. සාදාගත් කඹය එක පැත්තක් මිටක හැඩයක් ආකාරයට නවාගන්න.
බේකිං ෂීට් එකකට සාදා ගත් කැන්ඩි කේන් ඉඩ තියෙන විදිහට අතුරා ගන්න. සෙල්සියස් අංශක 375 ක උෂ්ණත්වය යටතේ ප්‍රී හීට් කරගත් අවන් එකක මිනිත්තු 10 ක් පමණ බේක් කරගන්න.