අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කෝප්ප 3/4
- වතුර කෝප්ප 1/4
- ලොකු බිත්තර 5
- ක්‍රීම් චීස් ග්‍රෑම් 230
- Condensed milk ග්‍රෑම් 400
- Evaporated milk ග්‍රෑම් 350
- වැනිලා තේ හැදි 1
සාදාගන්නා ආකාරය
පෑන් එකකට සීනි සහ වතුර කෝප්ප කාලක් දමා මඳ ගින්නේ රන්වන් පැහැවන තුරු උණු කරගන්න (විනාඩි 10-15ක් පමණ) මෙය ඝන වීමට පෙර ඉක්මනින් බේකින් තැටියකට දමා එහි පතුලේ සම්පූර්ණයෙන් ගෑවෙන පරිදි කරකවා විනාඩි 10 ක් පමණ තියන්න. බඳුනක් ගෙන ක්‍රීම් චීස් දමා මෘදු වනතුරු හොඳින් බීට් කරන්න. එයට වරකට එක බැගින් බිත්තර කඩා දමමින් නොනවත්වා බීට් කරගන්න.
ඉන්පසු මෙයට Condensed milk” Evaporated milk සහ වැනිලා එකතු කරමින් හොඳින් මිශ්‍ර කර කැරමල් තවරා සකස් කරගත් බේකින් තැටියකට මේ මිශ්‍රණය වත්කර බේකින් තැටියක තැබිය හැකි ආකාරයේ තැටියකට උතුරන වතුර පුරවා මිශ්‍රණය සහිත බේකින් තැටිය ඒතුළින් තියන්න.
සෙල්සියස් අංශක 175 ක උෂ්ණත්වය යටතේ ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 50-60 ක පමණ කාලයක් බේක් කරගන්න. ඉවතට ගත් පසු සිසිල් වන තුරු පැයක් පමණ තබා ශීතකරණයේ තවත් පැය 7-8ක් පමණ තියන්න. ඉවතට ගෙන වෙනත් තැටියකට දමා එකකට දමා කෑලි කපා පිළිගන්වන්න.