අවශ්‍ය ද්‍රව්‍ය
- නැවුම් එළකිරි මිලිලීටර් 900
- කෝන්ෆ්ලා මේස හැඳි 4
- සීනි මේස හැඳි 7
- බටර් මේස හැඳි 3
- වතුර මේස හැඳි 1
- කැබලි කරගත් කජු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
එළකිරි මිලිලීටර් 600 ක් භාජනයකට දමා එයට සීනි සහ කෝන්ෆ්ලා මේස හැඳි 3 බැගින් එකතු කර ළිප තබා රත් කරගන්න. මිශ්‍රණය උකු වූ පසු පුඩිම සාදන භාජනයට දමා නිවෙන්න හරින්න. දැන් ඉතිරි එළකිරිවලට කෝන්ෆ්ලා, සීනි සහ බටර් මේස හැඳි 2 ක් දමා හොඳින් මිශ්‍ර කරගෙන ළිප තබා මඳ ගින්නේ හැඳිගාමින් උකු මිශ්‍රණයක් සකස් කරගන්න.
කැරමල් එක සාදාගැනීමට
භාජනයක බටර් අලේප කර එම බඳුනකට සීනි මේස හැඳි 3 ක් දමා මඳක් රත්කර වතුර මේස හැන්දක් එකතු කරගන්න. මිශ්‍රණය ළිප තබා දුඹුරු පැහැ වූ පසු ළිපෙන් ඉවත් කරගන්න. දෙවන මිශ්‍රණයට කැරමල් මිශ්‍රණය දමා විනාඩි 5 ක් පමණ තබන්න. පසුව පුඩිම සාදන භාජනයට දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න. කජු ස්වල්පයකින් සරසාගෙන පීළිගන්වන්න.